Akase Danga

Saman Indika

ආකාසෙ දඟපාන සඳ පායලා
මා ගාව පෙම පෑව නුඹ මා සොයා
ඒ හීන නෙතු ගාව රඳවා තියා
ඈ යාවි දුර මාව අඳුරේ දමා
මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා

මැවුවාට අපි හීන නොදනී ඔයා
හැමදාම මගෙ හීනෙ නුඹදෝ කියා
නොසිතාම දුර යාවී හිත පාරවා
මගෙ හීනෙ කඳුලේම රඳවා තියා

ආකාසෙ දඟපාන...

මදහාස මුව පෑව නෙතු යාවෙලා
මනහාර පෙම ගාව රැඳුනේ ඔයා
නොරැඳීම ලඟ පාත හිත පාරවා
සඳ සේම සැඟවේද ළඳුනේ ඔයා

ආකාසෙ දඟපාන සඳ පායලා
මා ගාව පෙම පෑව නුඹ මා සොයා
ඒ හීන නෙතු ගාව රඳවා තියා
ඈ යාවි දුර මාව අඳුරේ දමා
මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා