[Intro/Inter] ------------------------------------------ |Em |- |- |- | |G |D |Bm |Em | |G |Bm |D |Em | |Em |- |D |- | |Em |D |D7 |Em | |Em|- |- |- | [Chorus] ------------------------------------------ Em G Em ඉස්සර මං ගිය පාසැල ඇරිලා G Am පුංචි පැටව් පෙරහැරෙ එනවා D Am හේවිසි ගහගෙන හූ හඬ දීගෙන D Am D7 Em ලන්ද පුරා දුව පැන එනවා Em D Bm මේ දරු දැරියන් නොදුටුව දෑසින් D D7 Em එක දරුවෙක් තනි වී එනවා [Inter] - [Verse 1] ------------------------------------------ Em Bm ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා G D Am Em බිම්මල් හිනැහී හිස වැනුවා G Am Bm Em ඒ දඬු මංකඩ තිත්ත පැටවු රැළ G Em ඔහුගේ සුවඳට ඉව කෙරුවා Em D Bm මේ විසිතුරු හැර කොතැනක යන්නද D D7 Em පුංචි දෙපා එක තැන රැඳුනා [Inter]-[Verse 2] ------------------------------------------ Em Bm ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ G D Am Em නෙළුම් රටාවකි තණගොල්ලේ G Am Bm Em නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ G Em මුතු ඇහිඳියි මදටිය ගාලේ Em D Bm ගිනි මද්දහනේ කුසගිනි නොදැනී D D7 Em තාමත් ඔහු මේ වන නිල්ලේ [Ending] ------------------------------------------ Em G Em පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින් G Am වන වදුලේ අසිරිය දකිනා D Am ගම් දරුවන් මැද මේ දරු පැටියා D Am D7 Em මගේ නෙතට කඳුලක් නැගුවා Em D Bm ඔහුට මුවාවී පාසැල් යන්නේ D D7 Em මා දැයි නිකමට මට සිතුනා