Bb Cm7 බිනර මලී....... බිනර මලී..... Intro ----------------------------------------- | Bb | - | - | - | | Bb | - | [Chorus] ---------------------------------------- | Bb | Eb |Bb | Cm | | Cm | Bb | - | - | | Bb | - | - | Cm | | Cm | Bb | - | - | රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ [Inter] ---------------------------------------- | Bb | Bb7| Ab| Bb | [Verses] ---------------------------------------- | Fm | Bb | Gm| Bb | | Ab | Eb | - | Bb | | Eb | Bb | - | Bb | | F | Bb | - | - | වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා බිනර මලී සිනාසුණා මතකයි යන්තම් මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම් නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම් සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම් ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල් තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල් කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල් සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල් ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ